විද්‍යාලය ගැන කෙටියෙන්

දේශීය සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ අරමුණින් 1847 දී දෙමටගොඩ නව පාසලක් ලෙස ආරම්භ කරන ලද මෙම පාසල නම් කරන ලද්දේ “මැතිව්ස්” නම් සාන්තුවරයෙකුගේ නමිනි. ශාන්ත මතෙව් විද්‍යාලය ප්‍රදේශයේ සිසුන්ට දැනුම බෙදා හැරීම පමණක් නොව එය සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් සියලු දෙනා එකට එකතු කර ජාතික සංහිඳියාව සඳහා වේදිකාවක් බවට පත් විය.

විදු බිමෙහි අතීතයෙන් ..

ක්‍රිස්තු වර්ෂ 1847 ජුලි දාහත්වන දිනය උදාවන්නේ ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් උදා කර දීමෙනි. එනම් මෙරට වෙසෙන ස්වදේශික සිසු දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අභිප්‍රායෙන් “ශාන්ත මැතිව්” නමින් නව විදු පියසක් දෙමටගොඩ ස්ථාපිත කිරීමෙනි. මැතිව් නම් ශාන්තුවරයා සිහිවීම පිණිස මෙම විදුහල ඒ නමින් නම් කරන ලදී. කේම්බ්‍රිජ් මැට්‍රි කියුලේෂන් විභාගය අරමුණු කර ගනිමින් ඉංග්‍රීසි පාලකයන් විසින් කොළඹ බිෂොප් වරයා වූ එච්. වැප්මන් දේවගැතිතුමා විදුහල්පති තනතුරෙහි පිහිටුවමින් ආරම්භ කරන ලද මෙම විදු පියස අදටත් ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි දිදුලන නමක් සතිටුහන් කිරීමට සමත් වී ඇත. 

මෙම විදුහල ආරම්භයේ සිංහල දමිල ඉස්ලාම් බර්ගර් යන සියලු ජන කොටස් ඒකරාශි කොට ඔවුන්ගේ නැණ පහන් දැල්වූවා පමණක් නොව ජාතික සංහිඳියාව ඇති කිරීමට ඇප කැපවු විදු වීමක් ලෙස ඉතිහාසගත වී ඇත. ඉංග්‍රීසි ජාතික විදුහල්පතිවරුන්ගේ කාලයේදී මෙම විදුහලේ සිඝ්‍ර දියුණුවක් පැවති බව ඉතිහාසය සාක්‍ෂි දරයි. 

ඉංග්‍රීසි මාධ්‍ය මිශ්‍ර පාසලක් ලෙස පැවති මෙම පාසල 1961 වසරේදී රජයට පවරා ගන්නා ලදුව සිංහල මාධ්‍යය පිරිමි පාසලක් බවට පරිවර්තනය විය. සාන්ත මැතිව් විද්‍යාලය එදා මෙදා තුර රටට වැඩදායී පුරවැසියන් බිහි කිරීමේ කාර්යයෙහි අනභිභවනීය මෙහෙවරක යෙදී සිටියි. මෙම ගෞරවණීය විදුබිමෙන් සමාජයට දායාද කළ උගත් වියතුන්, ක්‍රීඩකයන්, මෙන්ම කලාකරුවන් විශාල ප්‍රමාණයක් සිටී. 

එවකට පැවති පාසල් අතරින් සෑම අංශයකින්ම ඉදිරියෙන් තිබු පාසලකි. ක්‍රිකට්, බොක්සිං, පාපන්දු, මලල ක්‍රීඩා යන ක්‍රීඩා වලින් ජාතික හා ජාත්‍යන්තර වර්ණ ලාභී ක්‍රීඩකයින් රැසක් මෙම පාසලෙන් බිහිවී ඇත.

School Emblem

අපේ පාසල් ලාංඡනය

අපේ පාසල් කොඩිය

දැක්ම සහ මෙහෙවර

දැක්ම
කුසලතාවන්ගෙන් පිරිපුන් පරම්පරාවට නායකත්වය දීම.

මෙහෙවර
අභියෝගයන් සමඟ පැමිණිය හැකි දැනුමෙන්, ආකල්පයෙන් හා කුසලතාවයෙන් පිරුණු පරම්පරාවක් සඳහා ප්‍රසන්න පාසල් පරිසරයක් තුළ මාවත යොමු කිරීම.

පාසල් කළමනාකරණය

යූ.ඩී.එස්. වික්‍රමරත්න මහතා

විදුහල්පති

ඩී.ටී.සී හෙට්ටිආරච්චි මහත්මිය

නියෝජ්‍ය විදුහල්පති

පූජ්‍ය ඩී. සිරිනන්ද

සහකාර විදුහල්පතිවරුන්

පී. ඒ දිසානායක මහතා

සහකාර විදුහල්පතිවරුන්

අපේ හිටපු විදුහල්පතිවරු

  • ජේ.එච්. චැප්මන් මහතා
  • බ්රිතාන්ය විදුහල්පතිවරුන්
  • ඒ.ජේ. පේෂාර් මහතා
  • ඩී.වැන්කියුලන් බර්ග් මහතා
  • පූජ්‍ය කෝකල්
  • ඒ.ශිවරත්නම් මහතා
  • එම් ඕකොනර් මහත්මිය
  • ඩෙවින්ටන් මහතා
  • පූජ්‍ය බැසිල් ජයවර්ධන
  • ටී.වී.අයි. ඒකනායක මහතා
  • ආචාර්ය. ඒ.රාජේන්ද්‍රන් මහතා.
  • ජීඑෆ්ඕ ද සිල්වා මහතා.
  • ඩෙන්සිල් සිල්වා මහතා.
  • බී.ඩී. ජයතිලක මහතා.
  • ඔගස්ටින් පෙරේරා මහතා.
  • ගාමිණී මෛත්‍රීවර්ධන මහතා.
  • ඔගස්ටින් පෙරේරා මහතා.
  • ජේ.අයි. කරුණාරත්න මහතා.
  • ජයන්ත මොහොට්ටාල මහතා.
  • යූ.ඩී.එස්. වික්‍රමරත්න

අපේ අධ්‍යයන කාර්ය මණ්ඩලය

  • පී බී ආරියරත්න මහත්මිය
  • එස් බෝයිස් මහත්මිය
  • කේ. ඩබ්ලිව්. සෙනෙවිරත්න මහතා
  • එම්. ඒ. මල්ලිකා මහත්මිය
  • එස් එස් මානෙල් මහත්මිය
  • එස් ඒ. ඩී ප්‍රියන්තිකා මහත්මිය
  • යූ. එස් හතරසිංහ මහතා
  • පී. කේ. අයි බන්දුල පෙරේරා මහතා
  • කේ. එස් එස් පෙරේරා මහත්මිය
  • ඩබ්ලිව්. පී. ජී ඒ. එන්. ද සිල්වා මහත්මිය
  • එස් එල්. ඩී දේවිකා මහත්මිය
  • එන් .කේ. සුදර්ශනී මහත්මිය
  • ඒ .ඒ. ඩී ලක්ෂිත පියුමාල් මහතා
  • ටී. එම්. ඒ. එල්. මම. මුතුගම මහත්මිය
  • ඊ. සී එස් අබේවික්‍රම මහත්මිය
  • ආර් එම්. සී රන්දුනු මහත්මිය
  • එච්. ඩී එස් එස් කරුණාරත්න මහතා
  • පී. දිසානායක මහත්මිය
  • බී. එස් බන්සජය මහතා
  • එච්. ඩී එස් ප්‍රසාදීන් මහත්මිය
  • එම් ඒ එස් එස් කේ. පෙරේරා මහත්මිය
  • එම්. එම්. ආර් ප්‍රේමවීර
  • එන්. බී. සී පී. කේ. නායක බණ්ඩාර මහතා
  • එම්. ඒ. එස් පී. කුමාරසිංහ මහත්මිය
  • එස් සී ජේ. ලියනගේ මහත්මිය
  • කේ. කේ. ශාන්ත මහතා
  • ආර් ඒ. ඒ. කේ. රණතුංග මහත්මිය
  • එච්. අජිත් කිමාරා මහතා
  • කේ. කේ. පුෂ්පා දමයන්ති මහත්මිය
  • එච්. කේ. එන්. දයානන්ද මහතා
  • එල්. ඩී පී .අයි. ජයසේකර මහතා
  • එම්. ඩී එන්. ජයරත්න මහතා
  • පී. ඩී කේ. ආර් කුමාරි මහත්මිය
  • කේ. ආර් සී ලක්ෂානි මහත්මිය
  • ඩී ටී. සමරසිංහ මහත්මිය
  • ඊ. ඒ. සී ජේ. එදිරිසිංහ මහත්මිය
  • එල්. මදිමරන් මහත්මිය
  • එම්. ආර් නිස්තාර් මහතා
  • ඩී ඊ. ඩී ඒකනායක මහත්මිය
  • පී. එච්. පී. කුමාරි ද සේරම් මහත්මිය